Wednesday, October 31, 2012 5 comments By: Unknown

*********** දිනා ගත්තු පෙම බිදිලා ***********

වසර පහක් පෙම් කරලා 
ඇනුම් බැනුම් මම අහලා 
මගේ ඉගනුම මඟ හැරලා 
                  ඔබ මත්තෙම මම අඬලා ...................

    උදේ සවස බොරු ගොතලා 
හොර හොරාට හමු විලා 
මවයි පියයි තරහා වෙලා 
                     නොකා නොබී මම අඬලා ..............

යන එන මඟ රැකලා 
    දුන් පෙම් පත් මව දැකලා 
කෘමි නාශක මම බීලා
             රෝහල්වල මම ලැඟලා .................

  මවයි පියයි දුක හිතලා 
නුඹදකින්න ඉඩ දීලා 
      නෑ සියෝ සැම එකඟ වෙලා 
            මඟුල් කන්න කතා වෙලා ................

මාල සතක් ගෙල බැදලා
පෝරු මස්තකේ නැඟලා 
අෂ්ටක මැද අපි බැඳලා 
                 අපේ ආදරේ දිනලා ................

මව් පියන්ට සමු දීලා 
නංගි මල්ලි සිප අඬලා 
අප තනියම මෙහි තියලා 
              ගෙදර ඇයෝ පිට විලා ..............

සුදු රෙදි මත මල් අතුරා 
මා එන තෙක් මඟ බලලා 
මා ඔබේ තුරුලට කරලා 
             ආදර බස් ඔබ කියලා .............

එළි වෙන තෙක් මම අඬලා 
මංගල රැය පහන් වෙලා 
නුඹ රකුසෙක් වගේ වෙලා 
             මගේ පිවිතුරු බව අහලා .............

නුඹ පමණයි මට කියලා 
පස් වසරක් පෙම් කරලා 
අපමණ දුක් මා විදලා 
               ලබා ගත්තු පෙම බිදීලා.............

නුඹට මාව එපා කියල 
මා තනියම මෙහි දමලා 
මව් පියන්ට බර දීලා 
            ගියා මාව තනි කරලා .............

_______________________

උනේමි අන්සතු




අපුල කරමින් 
මා ගත මටම 
යහන්ගතවුණි
නොහදුනනා
පුළුල් උරහිසක් යට ..........

පුපුරු ගසනා 
පයෝධර තුඩු 
වාන් දමා ඇත
කිරි සයුර 
කිරට හඬනා 
මා පුත නුඹ නමින් .............

දෝර ගලනා කිරට 
හිමි නැතිව 
සොයා සොයා 
හඬයි නුඹ
මව් ඇකයේ 
උණුසුමම.....................

දෙපා යුග නැතිව 
යුධ මතක 
තුරුළු කර 
ඔහු හඬයි 
බලා පුතු දෙසම............

රටම රැකී 
නුඹ රැකීමට 
උනේමි අන්සතු 
කිසිත් නොසිතම ............

විඩා පත් ගත 
රැගෙන නැඟිටිමී
සල්ලි කොළයට
අත යොමා ගෙන.....................



සඳ ට පෙම් කළ කුමුදු මල මා


හිනා වෙන්න කියා දුන්නු ඔබම තමා කදුළු දුන්නේ


හැමදාකම වගේ ඔයා එනකම් බලන් උන්නේ හිත පුරාම හිනාවෙන්න බලාගෙන.එත් තප්පරෙන් තප්පරය ඔයා එන්න පරක්කු වෙනකොට මගේ ඇසි පිය මටම අවනත නැතිව එක පිට එක ගැහෙන්න ගත්තා.....
වෙනදාට ඔයා මතුවෙන මාර ගස් කෙළවර බොද වෙලා මගේ කම්මුල් වල තවරගෙන ආපු පුයර තට්ටුවත් සෝදගෙන් කදුළු කැට එකින් නෙක බිම වැටෙන්න ගත්තා .... එත් මට හිතුනෙම  ඔයා මේ දැන් හරි අර ඈත මාර ගස් කෙළවරින් මතු වෙයි කියල....    ඔයා දන්නවා මේ ලෝකේ මේ කෙල්ලට වෙන කවුරුවත්ම නෑ කියල හිත පුරා ආදරය කරපු ඔයා හැර. අනේ එහෙම දැන දැනම කොහොමද ඔයා මේ අහිංසකිව මේ වගේ එකපාරටම අත ඇරලා දැම්මේ....

                                                 

 දෙනෝ දාහක් යන මේ විසල් නගරයේ අතරමං උණු මුව පැටියෙක් වගේ කර කියා ගන්න දෙයක් නැතිව මම බලාන ඉදී කියල ඔයාට තප්පරයකටවත් හිතුනේ නැද්ද ..........
ඔයාගේ ඔය අතින් අල්ලගෙන තොර තෝංචියක් නැතිව කියවපු මේ පුංචි බට්ටිච්චි මොකක් කරගනිද කියල ඔයාට හිතුනෙම නැද්ද.....
අනේ එකම එක පාරක් ඇවිත් යන්න ....... 
අර ඉස්සරම ඉස්සර වගේ ඔයා හිනා මුණත් අරන් . මේ පිස්සිට කියල යන්න මොකද්ද මම කරපු වරද කියල...... 
දුක් දෙන්න මේ තරම්..... 
කාත් කවුරුවත්ම නැතිව උන්නු කාලේ සතුටක් කියල දෙයක් මේ හිතේ නැති උනත් දුකක් දැනුනේ නෑ මට මේ තරම් .
පුන් පෝය දාක පායපු පින්බර පුන්  සඳ වගේ ආව ඔයා මගේ අහසේ නිවී නිවී දිලිසුනු තරුත් අරන්ම ගියා නේද මටත් නොකියම. දැන් හරියට මේ හිත අමාවක අහසටත් වඩා කළුවරයි කියල ඔයාට කොම කියන්නද මම. මේ තරම් දුකක් දෙන්න අර තරම් සතුටක් අරන් මොකට ආවද ඔයා .....................
Tuesday, October 30, 2012 3 comments By: Unknown

මගේ ලෝකයේ රජුන් සැමදා ඔබ තමයි






දගකාර සිනා ළග නැවතුනේ නොදැන                      මයි
හැඩකාර ඔය දෙනෙත් නැලවුනේ ඉබේ                   මයි 
මනමාල මේ හිතේ හැමකොනම නුබේ                     මයි 
කිරිකොඩු යෞවනය නොදැන ගිය දුර               ගොඩයි 

පෙම් හිතම හැඩ කලේ හැමදාම නුඹ                      තමයි 
මේ හිතේ හැම කොනම නුඹේ පෙම ගැන            දොඩයි 
මල් තුහින හැමදාක නොමැති බව ඔබ                   කියයි 
යෞවනය අප දමා වෙනත් අය වෙත                      දුවයි 

යෞවනය අප දමා කිරි කෝඩු සිත්                     සොයයි 
මැදි වයසේ දොරකඩට පා තියන්නත්                     බයයි 
ඔබට පිදු තුන් හිතෙම අපේ පැටව් ලැගුම්                   ගයි
ඒ උනත් මේ හිතේ මුදුන් මල් කඩ                          ඔබයි 

පෙම් හින එකින් එක හිමි හිමින්                        අමතකයි 
දරුවන්ගේ හෙට ගැනම ඔබ සමග මා                  දොඩයි 
ඔබේ ලෝකය  මගේ ලෝකය බොහෝ                  දුරයි 
කියා හැමදින ඔබේ ඔය සිත ගතු                           කියයි

එදා අතිනත පටලවා ගිය පාරවල් තව එහෙම            මයි  
පෙමින් බස් දෙඩු අපි අතර අද පෙම් බස් නම්           දුරයි 
එහෙත ඔබේ හිත මගේ හිත මත එදා වගේම           තමයි 
ලොවක් දිනුවත් මගේ ලෝකයේ රජුන් සැමදා ඔබ තමයි 













ආදරය සුන්දරයි ඔබ වගේ..



ආදරේ හඬ            ගොළුයි 
හදවතම කිති             කවයි 
ඇස් වලින් ඔබ        දොඩයි 
          මට මාව               අමතකයි ........

ලං වෙන්න පින් මදිද ?






පෙම් පෑව සිත ළඟම හැමදාම හින               හෙන්න 
සඳ ක් වී පැයුවොත් තරුවක්ව ළඟ                 ඉන්න 
හැමදාක නැති නමුත් එක දාක මගේ             වෙන්න 
මේ සසර පුරාවට නුඹ  නමින් මට                   ඉන්න 

දුර ඉදන් හින හෙන්න නුඹේ නෙතින් ඉඟි     දෙන්න 
මා මවන පෙම් සිහින නුඹ සමග  වීඳ               ගන්න 
කොහේ කොතැනක වැටි මේ හුස්ම ටික         ගන්න 
සිහිනයෙන් වත් ඇවිත් මගේ සිත ළග             ඉන්න 

දිනක් මට නවොතින් ඔබේ  ළඟ හින           හෙන්න 
මළත් මට කමක් නැත ඔබ නොමැති ලොව     ඔන්න 
දිනක් වත් මට නොහැක ඔබ නැතිව මෙහි      ඉන්න 
බිදක් වත් නොසිතාම මැරෙනවා මම              ඔන්න 

කවි

ආදර මගේ අම්මා 



කවි සියයක් ගෙතුවත් මදි නුබේ නමට     අම්මා 
බැදී සෙනෙහස ලියන්න අකුරු මදිය       අම්මා 
උදේ සවස මා දකිනා ගෙදර බුදුන්           අම්මා
මේ දියණිට නුඹම වෙයන් හැම භවේම     අම්මා 


Monday, October 29, 2012 7 comments By: Unknown

ආදරයේ දෙව් රුව දුටුවෙමි ඔබගෙන් මං




ආදරය මහා ගොඩක් එක්ක මගේ ලෝකයට ආව ඔයා වෙනුවෙන් මගේ සිතේ ආත්මීය හැගීම් අකුරුකරන්නට කාලයක සිට බලාන උන්නෙමි ......හැමදාම වගේම මේ පුංචි හිත උඩ ආදරය වපුරන්න පුලුවන්නම් කෙනෙක්ට ඒ ඔබම පමණි... ඉඩොරයකට අසුවී කර්කශ උණු පොළොවක් වගේ මගේ සිත ගිණියම් වී තිබුණු අතීතයේ ඔබ ආවේ හරියටම මල් වැස්සක් වගේ.....
ඔයාගේ අහිංසක සිනාව මගේ ලොකයම කවද හරි එළිය කරයි කියල මම දැනගෙන උන්නෙමි...
ජීවිතය ගැන "අ "යනු "ආ" යනු කියාදී ..මේ දඩබ්බර ලෝකය සමග ගැටෙන්නට මග පෙන්නු ඔබ....මගේ ලෝකයේ වීරයෙකි....මගේ සිත් අහසට  එළිය දෙන්නට ඔබේ සිත් අහසේ පහන් කණු එකින් එක උගුළුවා මගේ සිත් අහසේ සවිකළ කාලය අදත් මගේ හදවතේ මතකයන් අතර උඩින්ම තියේ.....
මේ ආදරය වග දනිමි....
මේ ආදරයේ සොදුරුම අවදිය වග විදින්නෙමි......
තවත් ආත්ම ගණනාවකට ඔබේ ආදරයේ සුව විදින්නට ප්‍රර්ථනා කරමි....
මා වෙනුවෙන් ඔබේ ලෝකය විවර කර දුන් මගේ ආදරණිය ආදරය ඔබ ආදරයේ දෙවියෙකි.....
ඔබ වෙනුවෙන් ජිවත් වන්න සේම ඔබගේ ආදරය වෙනුවෙන් මියෙන්නට උව මාහට එක සිතින් හැකිය ...ඒ ඔබගෙමේ උත්තරීතර ආදරයේ නාමයෙනි....................



සිතුවෙමි මේ ආදරේ කියා..........