Friday, November 2, 2012 4 comments By: Unknown

මගේ ආදර තාත්තා


මගේ රත්තරන් තාත්තේ ...............
මම දන්නවා ඔයා මට කොයි තරම් නම් ආදරේද කියල......
මට මතකයි මගේ තාත්තේ .....
පුංචි කාලේ ඔයා මාව ඔයාගේ ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. 
ඔයා ඒ හැමදාකම කිව්වා මම තමයි ඔයාගේ ලෝකේ ඉන්න සුරංගනාවී කියල. 
ඔයාට මතකයි නේද තාත්තේ අම්ම මට හැමදාම කිව්වේ මම අම්මට වඩා මගේ සුදු තාත්තට ආදරේ කරනවා කියලා. 
මට මතකයි අම්ම මෙහෙමත් කියනවා කෙල්ලන්ට කොයි තරම් අම්මලා ආදරේ කළත් කෙල්ලෝ ආදරේ තාත්තලට කියල...........
කොල්ලෝ තමයිලු අම්මලට ආදරේ.....කියල. 
ඔයා හවසට ගෙදර එනකම් මම බලාන ඉන්නවා තාත්තේ ..අයියනම් කිව්වේ මම පෙරේත කමට බාලන ඉන්නේ කියල ඔයා එනකම් ...
සමහර විට අයියා හිතන්න ඇති මම ඔයා ගෙන ටොෆි චොකලට් වෙනුවෙන් පාර බලන් ඉන්නවා කියල. 
ඒක එහෙම නෙවෙයි මගේ රත්තරන් තාත්තේ මම ඔයා එනකම් බලන ඉන්නේ මොකද ඒ කාලේ ඔයා තමයි මගේ ලොකු හිටිය එකම වීරය........ 
මම හරිම ආසාවෙන් තමයි මගේ දවසේ විස්තර ඔයා එක්කල බෙදා ගත්තේ... 

කාලය හරිම ඉකමනට ගෙවිල ගියේ මගේ රත්තරන් තාත්තේ ...........
ඔයාගේ පුංචි සුරන්ගනවිව එක්ක යන්න අර ඔයා කියල දීපු සුරඟන කතාවල වගේ ( රාජ ) කුමාරයෙක් නොවුනත්............ ලස්සන කුමාරයෙක් ආවා. මම දැක්ක මගේ තාත්තේ ඔයා ගොඩාක්ම සතුටින් බව පෙන්නන් හිටියටත් ඔයාගේ ඇස් වල තිබුණු කදුළු...........
අද මම ඔයාගෙන් ගොඩාක් ඈත් වෙලා මගේ කියල වෙනම ලෝකයක් හදා ගෙන .  ඒත්......  ඒත්...... මගේ රත්තරන් තාත්තා එදා වගේමයි.................
මගේ චුටි දූ පැටියව ඔයාගේ ඔඩොක්කුවේ තියාගෙන ඉස්සරම ඉස්සර දවස් වල කියපු සුරංඟන කතා  අදත් කියනව. 
ඔයා ගොඩක් සතුටින් ......................
ඒත් මගේ හිත ගොඩාක්ම දුකින් මගේ තාත්තේ............
අනේ අදත් මට පුලුවන්නම් එදා වගේම ඔයාගේ උකුලට වෙලා ඉන්න......
ඒ කෝම උනත් අදටත් මගේ ලෝකේ ඉන්න ලොකුම වීරය ඔයා තමයි මගේ රත්තරන් තාත්තේ...........
මේ  දූ ඔයාට කියන්න බැරි තරම් ආදරෙයි මගේ රත්තරන් තාත්තේ........