Wednesday, October 31, 2012 By: Rasi perera

හිනා වෙන්න කියා දුන්නු ඔබම තමා කදුළු දුන්නේ


හැමදාකම වගේ ඔයා එනකම් බලන් උන්නේ හිත පුරාම හිනාවෙන්න බලාගෙන.එත් තප්පරෙන් තප්පරය ඔයා එන්න පරක්කු වෙනකොට මගේ ඇසි පිය මටම අවනත නැතිව එක පිට එක ගැහෙන්න ගත්තා.....
වෙනදාට ඔයා මතුවෙන මාර ගස් කෙළවර බොද වෙලා මගේ කම්මුල් වල තවරගෙන ආපු පුයර තට්ටුවත් සෝදගෙන් කදුළු කැට එකින් නෙක බිම වැටෙන්න ගත්තා .... එත් මට හිතුනෙම  ඔයා මේ දැන් හරි අර ඈත මාර ගස් කෙළවරින් මතු වෙයි කියල....    ඔයා දන්නවා මේ ලෝකේ මේ කෙල්ලට වෙන කවුරුවත්ම නෑ කියල හිත පුරා ආදරය කරපු ඔයා හැර. අනේ එහෙම දැන දැනම කොහොමද ඔයා මේ අහිංසකිව මේ වගේ එකපාරටම අත ඇරලා දැම්මේ....

                                                 

 දෙනෝ දාහක් යන මේ විසල් නගරයේ අතරමං උණු මුව පැටියෙක් වගේ කර කියා ගන්න දෙයක් නැතිව මම බලාන ඉදී කියල ඔයාට තප්පරයකටවත් හිතුනේ නැද්ද ..........
ඔයාගේ ඔය අතින් අල්ලගෙන තොර තෝංචියක් නැතිව කියවපු මේ පුංචි බට්ටිච්චි මොකක් කරගනිද කියල ඔයාට හිතුනෙම නැද්ද.....
අනේ එකම එක පාරක් ඇවිත් යන්න ....... 
අර ඉස්සරම ඉස්සර වගේ ඔයා හිනා මුණත් අරන් . මේ පිස්සිට කියල යන්න මොකද්ද මම කරපු වරද කියල...... 
දුක් දෙන්න මේ තරම්..... 
කාත් කවුරුවත්ම නැතිව උන්නු කාලේ සතුටක් කියල දෙයක් මේ හිතේ නැති උනත් දුකක් දැනුනේ නෑ මට මේ තරම් .
පුන් පෝය දාක පායපු පින්බර පුන්  සඳ වගේ ආව ඔයා මගේ අහසේ නිවී නිවී දිලිසුනු තරුත් අරන්ම ගියා නේද මටත් නොකියම. දැන් හරියට මේ හිත අමාවක අහසටත් වඩා කළුවරයි කියල ඔයාට කොම කියන්නද මම. මේ තරම් දුකක් දෙන්න අර තරම් සතුටක් අරන් මොකට ආවද ඔයා .....................

2 comments:

Bl Sunethra said...

මගේ නංගෝ ඔයා ලියන ඒවා ලස්සනයි හැබැයි දුක හිතෙන ඒවම ලියන්න එපා හොදද,,,ගොඩාක් ආදරෙයි ඔයාට,,, <3

nalin dammika said...

හ්ම්ම් හරිම ලස්සනයි අක්කා '' ටිකක් දුක උනත් ''

Post a Comment