දගකාර සිනා ළග නැවතුනේ නොදැන මයි
හැඩකාර ඔය දෙනෙත් නැලවුනේ ඉබේ මයි
මනමාල මේ හිතේ හැමකොනම නුබේ මයි
කිරිකොඩු යෞවනය නොදැන ගිය දුර ගොඩයි
පෙම් හිතම හැඩ කලේ හැමදාම නුඹ තමයි
මේ හිතේ හැම කොනම නුඹේ පෙම ගැන දොඩයි
මල් තුහින හැමදාක නොමැති බව ඔබ කියයි
යෞවනය අප දමා වෙනත් අය වෙත දුවයි
යෞවනය අප දමා කිරි කෝඩු සිත් සොයයි
මැදි වයසේ දොරකඩට පා තියන්නත් බයයි
ඔබට පිදු තුන් හිතෙම අපේ පැටව් ලැගුම් ගයි
ඒ උනත් මේ හිතේ මුදුන් මල් කඩ ඔබයි
පෙම් හින එකින් එක හිමි හිමින් අමතකයි
දරුවන්ගේ හෙට ගැනම ඔබ සමග මා දොඩයි
ඔබේ ලෝකය මගේ ලෝකය බොහෝ දුරයි
කියා හැමදින ඔබේ ඔය සිත ගතු කියයි
එදා අතිනත පටලවා ගිය පාරවල් තව එහෙම මයි
පෙමින් බස් දෙඩු අපි අතර අද පෙම් බස් නම් දුරයි
එහෙත ඔබේ හිත මගේ හිත මත එදා වගේම තමයි
ලොවක් දිනුවත් මගේ ලෝකයේ රජුන් සැමදා ඔබ තමයි
3 comments:
හරිම ලස්සනයි කවි කාරී මගේ හරී වැඩකාරී තමයි,,,
තැන්ක්ස් මගේ ආදර ලොකු අක්කියෝ...........
laasana adahasak.mama harima asawen baluwe pinthure diha kawiyata wata.kawita yedu mathrukawa itha watinawa.
Post a Comment