වසර පහක් පෙම් කරලා
ඇනුම් බැනුම් මම අහලා
මගේ ඉගනුම මඟ හැරලා
ඔබ මත්තෙම මම අඬලා ...................
උදේ සවස බොරු ගොතලා
හොර හොරාට හමු විලා
මවයි පියයි තරහා වෙලා
නොකා නොබී මම අඬලා ..............
යන එන මඟ රැකලා
දුන් පෙම් පත් මව දැකලා
කෘමි නාශක මම බීලා
රෝහල්වල මම ලැඟලා .................
මවයි පියයි දුක හිතලා
නුඹදකින්න ඉඩ දීලා
නෑ සියෝ සැම එකඟ වෙලා
මඟුල් කන්න කතා වෙලා ................
මාල සතක් ගෙල බැදලා
පෝරු මස්තකේ නැඟලා
අෂ්ටක මැද අපි බැඳලා
අපේ ආදරේ දිනලා ................
මව් පියන්ට සමු දීලා
නංගි මල්ලි සිප අඬලා
අප තනියම මෙහි තියලා
ගෙදර ඇයෝ පිට විලා ..............
සුදු රෙදි මත මල් අතුරා
මා එන තෙක් මඟ බලලා
මා ඔබේ තුරුලට කරලා
ආදර බස් ඔබ කියලා .............
එළි වෙන තෙක් මම අඬලා
මංගල රැය පහන් වෙලා
නුඹ රකුසෙක් වගේ වෙලා
මගේ පිවිතුරු බව අහලා .............
නුඹ පමණයි මට කියලා
පස් වසරක් පෙම් කරලා
අපමණ දුක් මා විදලා
ලබා ගත්තු පෙම බිදීලා.............
නුඹට මාව එපා කියල
මා තනියම මෙහි දමලා
මව් පියන්ට බර දීලා
ගියා මාව තනි කරලා .............
_______________________
5 comments:
හරිම ලස්සනයි නංගෝ,, මරු ඔහොම යං තව ඉදිරියට,,,
සුපිරි කවියක් රසි.. පද පේළි ලස්සනට එලිසම වෙලා!
අහෝ ඛේදයකි ඉරකි ...තිතකි තමයි නේ...
ලස්සනට ලියලා තියෙනවා...
අපේ පැත්තෙත් වෙලාවක ඇවිත් යන්නකෝ
snimalka.blogspot.com/
ලස්සනයි මගේ අක්කා පැට්ටෝ...යථාර්ථවාදී කවි පෙලක්...
පිවිතුරු බව ගැන සිතලා...
ආදර සිත නැති කරලා...
ඔබට පිදූ සිත බිඳලා...
ඉන්නේ කෙලෙස ඉවත බලා...
Post a Comment