Tuesday, October 30, 2012 By: Unknown

මගේ ලෝකයේ රජුන් සැමදා ඔබ තමයි






දගකාර සිනා ළග නැවතුනේ නොදැන                      මයි
හැඩකාර ඔය දෙනෙත් නැලවුනේ ඉබේ                   මයි 
මනමාල මේ හිතේ හැමකොනම නුබේ                     මයි 
කිරිකොඩු යෞවනය නොදැන ගිය දුර               ගොඩයි 

පෙම් හිතම හැඩ කලේ හැමදාම නුඹ                      තමයි 
මේ හිතේ හැම කොනම නුඹේ පෙම ගැන            දොඩයි 
මල් තුහින හැමදාක නොමැති බව ඔබ                   කියයි 
යෞවනය අප දමා වෙනත් අය වෙත                      දුවයි 

යෞවනය අප දමා කිරි කෝඩු සිත්                     සොයයි 
මැදි වයසේ දොරකඩට පා තියන්නත්                     බයයි 
ඔබට පිදු තුන් හිතෙම අපේ පැටව් ලැගුම්                   ගයි
ඒ උනත් මේ හිතේ මුදුන් මල් කඩ                          ඔබයි 

පෙම් හින එකින් එක හිමි හිමින්                        අමතකයි 
දරුවන්ගේ හෙට ගැනම ඔබ සමග මා                  දොඩයි 
ඔබේ ලෝකය  මගේ ලෝකය බොහෝ                  දුරයි 
කියා හැමදින ඔබේ ඔය සිත ගතු                           කියයි

එදා අතිනත පටලවා ගිය පාරවල් තව එහෙම            මයි  
පෙමින් බස් දෙඩු අපි අතර අද පෙම් බස් නම්           දුරයි 
එහෙත ඔබේ හිත මගේ හිත මත එදා වගේම           තමයි 
ලොවක් දිනුවත් මගේ ලෝකයේ රජුන් සැමදා ඔබ තමයි 













3 comments:

Unknown said...

හරිම ලස්සනයි කවි කාරී මගේ හරී වැඩකාරී තමයි,,,

Unknown said...

තැන්ක්ස් මගේ ආදර ලොකු අක්කියෝ...........

Unknown said...

laasana adahasak.mama harima asawen baluwe pinthure diha kawiyata wata.kawita yedu mathrukawa itha watinawa.

Post a Comment