අපුල කරමින්
මා ගත මටම
යහන්ගතවුණි
නොහදුනනා
පුළුල් උරහිසක් යට ..........
පුපුරු ගසනා
පයෝධර තුඩු
වාන් දමා ඇත
කිරි සයුර
කිරට හඬනා
මා පුත නුඹ නමින් .............
දෝර ගලනා කිරට
හිමි නැතිව
සොයා සොයා
හඬයි නුඹ
මව් ඇකයේ
උණුසුමම.....................
දෙපා යුග නැතිව
යුධ මතක
තුරුළු කර
ඔහු හඬයි
බලා පුතු දෙසම............
රටම රැකී
නුඹ රැකීමට
උනේමි අන්සතු
කිසිත් නොසිතම ............
විඩා පත් ගත
රැගෙන නැඟිටිමී
සල්ලි කොළයට
අත යොමා ගෙන.....................
2 comments:
හ්ම්ම්ම්ම්.. සංවේදී සිද්දියක්... පපුවට දැනෙන්න ලියලා...
තරහ වෙන්න එපා කිව්වට හැමදාමත් අඩුපාඩු කියනව කියාලා... මෙහෙම ෆොටෝ ෂොප් වලින් හදපු එකකට වඩා බ්ලොග් එකේ ටයිප් කරපු පෝස්ට් එකක් කියවද්දි මට වැඩි ප්‍රියතාවයක් සහ ඇහට පහසුවක් දැනෙනවා..
'යතාර්තය',,,, හරිම ලස්සනයි මගේ නංගෝ...
Post a Comment