Monday, October 29, 2012 By: Unknown

ආදරයේ දෙව් රුව දුටුවෙමි ඔබගෙන් මං




ආදරය මහා ගොඩක් එක්ක මගේ ලෝකයට ආව ඔයා වෙනුවෙන් මගේ සිතේ ආත්මීය හැගීම් අකුරුකරන්නට කාලයක සිට බලාන උන්නෙමි ......හැමදාම වගේම මේ පුංචි හිත උඩ ආදරය වපුරන්න පුලුවන්නම් කෙනෙක්ට ඒ ඔබම පමණි... ඉඩොරයකට අසුවී කර්කශ උණු පොළොවක් වගේ මගේ සිත ගිණියම් වී තිබුණු අතීතයේ ඔබ ආවේ හරියටම මල් වැස්සක් වගේ.....
ඔයාගේ අහිංසක සිනාව මගේ ලොකයම කවද හරි එළිය කරයි කියල මම දැනගෙන උන්නෙමි...
ජීවිතය ගැන "අ "යනු "ආ" යනු කියාදී ..මේ දඩබ්බර ලෝකය සමග ගැටෙන්නට මග පෙන්නු ඔබ....මගේ ලෝකයේ වීරයෙකි....මගේ සිත් අහසට  එළිය දෙන්නට ඔබේ සිත් අහසේ පහන් කණු එකින් එක උගුළුවා මගේ සිත් අහසේ සවිකළ කාලය අදත් මගේ හදවතේ මතකයන් අතර උඩින්ම තියේ.....
මේ ආදරය වග දනිමි....
මේ ආදරයේ සොදුරුම අවදිය වග විදින්නෙමි......
තවත් ආත්ම ගණනාවකට ඔබේ ආදරයේ සුව විදින්නට ප්‍රර්ථනා කරමි....
මා වෙනුවෙන් ඔබේ ලෝකය විවර කර දුන් මගේ ආදරණිය ආදරය ඔබ ආදරයේ දෙවියෙකි.....
ඔබ වෙනුවෙන් ජිවත් වන්න සේම ඔබගේ ආදරය වෙනුවෙන් මියෙන්නට උව මාහට එක සිතින් හැකිය ...ඒ ඔබගෙමේ උත්තරීතර ආදරයේ නාමයෙනි....................



7 comments:

Unknown said...

ආදරය,,, ආදරය,,, මහ ගොඩක් මට දැනෙන මගේ නංගගේ ආදරය <3 <3 <3

Unknown said...

මගේ ආදරේ තරම් කෙලෙසද
බලා හිටියොත් දිනක් නරකද
වළා කුළු ඇති අහසේ දුටුවද
ලියා ඇති මගේ සෙනෙහේ විස්තර ............

මේ මෙම කිව්වට ලොකු ඔයා හසේ බලන් ඉන්න එපා හොදේ..........

Unknown said...

වලාකුලක නෙවෙයි මගේ හිතේම ලියලා තියෙන්නේ එක

| Love Cafe | said...

ආදරය මගේ හිතේ තවමත් රැදිලා තියෙන දුක....හරිම ලස්සනයි අක්කෝ

Unknown said...

එහෙමද.කො බලමු.....

Unknown said...

මගේ මල්ලෝ........මේ හැම ලස්සනකම පෙරගමන් කරු ඔයානේ ඔයා නිසයි අද මම මේ බ්ලොග් එක මේ තරම් හරි කර ගත්තේ....ඔයා මගේ බ්ලොග් කලාවේ ගුරා...... සුමි මල්ලෝ.....

සිරාගෙ කාමරේ said...

ඔන්න මමත් ඔලුව දැම්මා...ආදරය දිනේවා...ජය පමණක්ම උරුම වේවා !

Post a Comment